ජනතාව බදු බරින් මුදවන්න විමල් ශ්‍රේෂ්ඨාධිකරණයට


තමන් ඇතුළු පාර්ශව ගණනාවක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තින්දු කිරීමත් සමග  නීතියට පිටින් ජනතාවගෙන් බදු අයකිරිමේ ක‍්‍රියාදාමය වළක්වා ගැනීමට හැකි වෙතැයි විශ්වාස කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ අද (01) මාධ්‍යට අදහස් දක්වමින් කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේ ද පැවසීය.

‘‘අපගේ නීතිඥයන් විසින් ගරු අධිකරණයට පෙන්වා දුන්නා පනත් සංශෝධනය නොකර, ගැසට් නිවේදනයක් හෝ නොමැතිව හුදු දැනුම් දීමකින් පමණක් නීතිවිරෝධි ලෙස විශාල බදු ප‍්‍රමාණයක් රටේ ජනතාවගෙන් අය කරනවා කියලා”

මෙම අවස්ථාවට හිටපු විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස්, ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර, එහි නියෝජ්‍ය ලේකම් නීතිඥ කපිල ගමගේ යන මහත්වරු ද පැමිණ සිටියහ.

10-(1) 10-(2) 10-(3)