ජනපති - හිටපු ජනපති පෙරහරට එති


(අංජුල මහික වීරරත්න)

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර අද රාත්‍රියේ වීදි සංචාරය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්වරු මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළහ.

කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර හිමියන් ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ ප්‍රධාන සංවිධායකත්වයෙන් පෙරහර කටයුතු සිදුකෙරිණි.

ගංගාරාම නවම් පෙරහර හෙට දිනයේද වීදි සංචාරය කරයි.

(ඡායාරූප: ලහිරු හර්ෂණ)