ජර්මනියේ කුඩා නගරයක සිටින පරෙවියන් සියලු දෙනා මරා දැමීමට, එම නගරයේ බලධාරීන් තීරණය කර තිබේ. ඒ, ජනමත විමසුමක් පවත්වා නගර වැසියන්ගේ කැමැත්ත ලබා ගැනීමෙන් පසුවය.
‘ලිම්බර්ග් ඇන් ඩේර් ලාන්’ නමැති මෙම කුඩා නගරයේ පරෙවියන් දස දහස් ගණනක් ජීවත් වන අතර, නගර වැසියන්ට උන් හිසරදයක් වී ඇත්තේ උන්ගේ වසුරු නිසාය. පරෙවි වසුරු පිරිසුදු කිරීම නගරසභා නිලධාරීන්ට පවා හිසරදයක් වී ඇතැයි පැවැසෙයි. වෙළෙඳසැල් අවන්හල් වසුරු නිසා අපවිත්‍ර වී ගොසිනි.
ස්වභාවික සතුරක් නොමැති බැවින්, පරෙවියන් ගහනය පාලනය කිරීමට ද හැකියාවක් නැතැයි ද පැවැසෙයි. එහෙයින්, නගර වැසියන් නගර බලධාරීන්ට දිගින් දිගටම පවසා ඇත්තේ පරෙවියන් මරා දැමීමට ක්‍රමයක් කල්පනා කරන ලෙසය. මේ බව සැලකිල්ලට ගනිමින් පසුගිය ජූනි 20 වැනිදා ජනමත විමසුමක් පැවැත්වුණු අතර, පරෙවියන් මරා දැමීමට නගර වැසියෝ කැමැත්ත පළ කළහ.
නගර බලධාරීන් ඒ අනුව පරෙවියන් මරා දැමීමට සූදානම් වෙද්දී සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් සහ සංවිධාන ඊට විරෝධය දක්වා අධිකරණය හමුවට ගොස් ඇත. එහෙයින්, ජනමත විමසුට අනුව, ක්‍රියා කිරීමට බාධා එල්ල වී ඇතැයි ද වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)