(ඩයනා උදයංගනී)
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවනු ලබන පොලී අනුපාතයන්හි කිසිඳු සංශෝධනයක් කර නොමැති බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා දන්වා ඇතැයි උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මීට අමතරව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදුන් බදු සහනය ද තවත් වැඩි කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.