
තාක්ෂණික ක්ෂේත්රයේ පමණක් නොව, ඒ.අයි. කෘත්‍රිම බුද්ධි ක්ෂේත්රයේ දී ඉදිරියෙන් පසුවන, ඇමෙරිකාවේ ‘එන්-වීඩියා’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාන් වහාම ක්‍රියාත්මක වන පරිදි සිය තනතුරින් ඉල්ලා අස්විය.
ජෙන්සන් හුවාන්ග් ප්‍රධාන විධායක නිලධාරී තනතුරින් මෙන්ම, ‘එන්-වීඩියා’ සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික යන තනතුරින් ද ඉල්ලා අස්වුණු බව ඇමෙරිකන් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත.
චීන ඔත්තුකාරියක යැයි පැවැසෙන ළාබාල තරුණියක සමඟ ඇතිවූ අනියම් ප්‍රේම සම්බන්ධය මෙම ඉල්ලා අස්වීමට ප්‍රධාන හේතුවය. මෙම තරුණිය ජෙන්සන් හුවාන්ට ළංවී ‘එන්-වීඩියා’ සමාගමේ රහස් ලබා ගත් බව ද පැවැසෙයි. ජෙන්සන් හුවාන්ග් විවාහකයකු මෙන්ම දරුවන් දෙදෙනකුගේ පියකු ද වෙයි.
(එන්.ඩී.ටීවී.)

