ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව මැතිවරණ ගණ (ඡන්ද සමූහ) 209 ක බලය තහවුරු කරගැනීමට හිටපු උප ජනාධිපති සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් සමත්ව ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත්වීමට නම් ඉලෙක්ටෝරල් කොලේජ් යන ඉංග්‍රීසි වදනින් හඳුන්වන මැතිවරණ ගණ (ඡන්ද සමූහ) 270ක බලහ හිමි කරගත යුතුය. ඇමෙරිකානු මැතිවරණ ක්‍රමය තුළ තිබෙන සමස්ත මැතිවරණ ගණ (ඡන්ද සමූහ) ගණන 538කි.
ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට හිමි කරගෙන ඇති ඡන්ද සමූහ ගණන 118කි.
ඇමෙරිකානු ජනාධිපතිවරණවල ප්‍රධාන සටන්බිම් ලෙස සැලෙකන උතුරු කැරොලිනා, ෆ්ලෝරීඩා, ජෝර්ජියා සහ පෙන්සිල්වේනියා යන ප්‍රාන්තවල අවසන් නිල ප්‍රතිඵල තවමත් නිකුත් වී නැත.
මිචිගන්, විස්කොන්සින් සහ පෙන්සිල්වේනියා යන ප්‍රාන්තවල ජයග්‍රහාකයන් කවුදැයි අද (4) නිකුත් කරන බව එම ප්‍රාන්ත බලධාරීහු කීහ. මෙම ප්‍රාන්තවල ඡන්ද ගණනය කිරීමට වැඩි කාලයක් ගතවනු ඇතැයි ද පැවසේ.
ඒ.එෆ්.පී./රොයිටර්
055