ජෝන්ගේ දුවත් ජෝන්ට දෙවැනි නැතිලු


ඇමැති ජෝන් අමරතුංග පසුගියදා චීනයට ගියාලු. ඒ සහායක රටක් ලෙස ‘ඉන්ටනැෂනල් ටුවරිසම් එක්ස්පෝ 2016‘ සඳහා ශ්‍රී ලංකාවද එක්වීම සම්බන්ධ සාකච්ඡාවකටලු.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 50ක් ඊට එකතුවී සිටී.

ඒ සඳහා රජයේ විශේෂඥයින් සහ අදාළ බලධාරීන් එහි යතියි අපේක්ෂා කළාලු. නමුත් චීනයට ගිය අතර අනූ රාසයියා සිටියාලු. ඇය ජෝන් අමරතුංග සංචාරක ඇමැතිවරයාගේ දියණියයි.  ඇයට කිසිදු නිල තනතුරක් ඒ සඳහා නැතිලු. ඇගේ ගුවන් ගමන් ගාස්තු ගෙවන්නේ කවුදැයි කාටත් පැනයක්ලු.

සංචාරක අමාත්‍යංශයේ ලේකම් පී.එච්.ජේ.බී. සුගතදාස ඇය ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අයත් යැයි අදාළ ලියකියවිලිවල මගින් සනාථ කර ඇත.

ඇය කෙසේ හෝ චීනයේ ෂියෑන් නගරයට ගිය අතර එහිදී ඇගේ ගුවන් ගමන් බලපත්‍රය සහිත අත්බෑගය අතුරුදන්ව ඇතැයි පැමිණිලි කළාලු. කම්පනයට පත්ව දුරකථන ඇමතුම්ද හතර වටේටම ලබාදුන්නාලු. ඒ වන විට ඇමැති පියා සිටියේ දකුණු කොරියාවේලු. ඒ බෑනාවන දිනේෂ් වීරක්කොඩි සමගලු. ඇයට නීත්‍යනුකූලව චීනයෙන් පිටවීමට නොහැකිව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන්ට කරදර කළාලු. ඔවුන් බීජිං සිට ෂියෑන් දක්වා පැමිණ ඇයට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ උදව් ලබාදී ආපසු ලංකාවට පිටත් කළාලු.