ටයිටැනික් චිත්‍රපටයට අභියෝග කරන ඉන්දියානු චිත්‍රපටය


2016-05-26-ent-11

ඉන්දියාවේ මේ වසරේ ආදරණීයම චිත්‍රපටය වුණේ "සනම් තේරී කසම්" චිත්‍රපටයයි. මේ චිත්‍රපටය නැරඹූ බොහෝදෙනෙක් සඳහන් කර තිබුණේ මෑතකාලීනව නිර්මාණය වූ ආදරණීයම චිත්‍රපටය එය බවයි. හැබැයි මෑතකදී අන්තර්ජාලයට එක් කළ Do Lafzon Ki Kahani චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය නැරඹීමෙන් අනතුරුව ඒ අදහස වෙනස් වී තිබෙනවා. ඉන්දියාවේ චිත්‍රපට විචාරකයන් කියන්නේ මේ වසරේ ආදරණීයම සහ ජනප්‍රියම චිත්‍රපටය මෙය වන බවට නොඅනුමාන බවයි. මෙය ටයිටැනික් චිත්‍රපටය සඳහා අභියෝගයක් වන බවද සඳහන් කර තිබෙනවා. මෙම චිත්‍රපටය ලබන මස 10 වැනිදා එළිදැක්වීමට නියමිතයි.