ලෝ ප්‍රකට ඇමෙරිකන් පොප් ගායිකා ටෙලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයක් ලන්ඩන් නුවර පැවැත් වුණු අතර, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු ද එය නැරැඹීමට ගියේය.
කුමරුන්ගේ 42 වැනි උපන් දිනය ජූනි 21 වැනිදාට යෙදී තිබුණු අතර, ඔහු ප්‍රසංගය නැරැඹීමට ගියේ එදිනය.
විලියම් කුමරු සමඟ ඇගේ පුතු ජෝර්ජ් සහ දියණිය චාලට් ද ප්‍රසංගය නැරඹීමට ගියහ.
වේදිකාවෙන් පිටුපස දී ගායිකා ටෙලර් ස්විෆ්ට් හමුවීමට ඔවුන්ට ඉඩක් ලැබුණු අතර ඇය සමඟ සෙල්ෆි ඡායාරූපයකට ද පෙනී සිටීමට අමතක කළේ නැත.
(එන්.ඩී.ටීවී.)