
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා, නිසි අනුමැතියකින් තොරව මෙරටට ඩ්‍රෝන යානා රැගෙන එන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වන ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට තීරණය කර අැත.
මේ අතර අදාළ ඩ්‍රෝන යානාවල තත්වය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයද අධ්‍යයනයක් කිරීමට නියමිතය.
නලින් බණ්ඩාර, නිසි අනුමැතියකින් තොරව මෙරටට රැගෙන ආ ඩ්‍රෝන යානා 39 ක් සහ මයික්‍රෆෝන 16 ක් රේගු නිලධාරීන් විසින් ඊයේ (08) අත්අඩංගුවට ගනු ලැබීය

