ඩීසල් පානය කළ දරුවෙක් මරුට


(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

නිවෙසේ මිදුලේ ප්ලාස්ටික් බෝතලයක තිබූ ඩීසල් පානය කළ බව කියන අවුරුද්දයි මාස නවයක දරුවෙකු මියගොස් ඇති බව කයිට්ස් පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ සදීස් සංජිත් නැමැති කයිට්ස් අම්බලවානවීදිය ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

මියගිය දරුවාගේ මව්පියන් ගොවිතැන් කටයුතුවල නිරතවන පුද්ගලයන් වන අතර ගොවිතැන් කටයුතු සදහා ට්‍රැක්ටරයට දැමීමට රැගෙනවිත් තිබූ ඩීසල් බෝතලයක් නිවෙසේ මිදුලේ තිබී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.