තරු බෝගොඩ මුදල් වංචා කළේ නැහැලු?


ගංවතුරෙන් දුක් විඳි දරුවන්ට ලබා දීම සඳහා ලංකාවට එවන ලද රුපියල් ලක්ෂ දොළහක පමණ මුදලක් වංචා කළ රංගන ශිල්පිනියක් පිළිබඳව සුරංග විදානගේ තබා තිබූ ෆේස්බුක් සටහන පිළිබඳව තරු බෝගොඩ රංගන ශිල්පිනිය ප්‍රතිචාර දක්වා තිබෙනවා. පසුගිය දිනක ෆේස්බුක් ජාලයේ ඇය පිළිබඳව බොහෝ දෙනාගේ විවේචනයන්ද ඇයට එල්ල වී තිබෙනවා. ඉන්පසු ඇය මේ සඳහා පිළිතුරු දෙමින් තම ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මෙලෙසිනි.

20160713Tharushi-1''කෙනෙකුගෙ දියුණුව බලා සිටීමට නොහැකි පහත් මානසික අසහනකාරයන්ගෙන් කෙනෙකුට කෙනෙක් නොදෙවැනි සමාජයක ජීවත් වීමට ලැබීම ගැන මහත් සේ කනගාටු වෙමි. තවද අසරණ මිනිසුන් වෙනුවෙන් උදව් කිරීමට බව හඟවමින් පහත් මානසික ආශාවන් ඉෂ්ට කරගැනීමට පැමිණ එය නොලැබුණු විටදී ඔවුන්ගේ සැබෑ ස්වරූපය දැකගැනීමට ලැබීමද වාසනාවක් කොට සලකමි. එංගලන්තයේ පදිංචි බව සඳහන් කරමින් කාන්තවන්ගේ ඇසුර ලබාගැනීමට මුදල් වියදම් කිරීමට වුවත් හැකි බවද පවසමින් සුරංග සංජීව විදානගේ නමැත්තාද එවැනි පුද්ගලයෙකි.

මාගේ නම සඳහන් කරමින් මේ වනවිට මගේ නමට කැළැලක් එක් කිරීමට මහත් සේ දගලමින් සිටියි. ඔහුගේ පහත් මානසික ආශාවන්ට එකඟ වූ සල්ලිවලට ඕනෑම පහත් වැඩක් කරන ගෑනුන්ගෙ ලැයිස්තුවට මා ද ඇතුළත් කරගැනීමට නොහැකි වූ කල මෙවැනි පහත් දේවල්වලින් එවැනි ආශාවන් සංසිඳවා ගැනීමට පෙළඹීම ගැන අනුකම්පා කරන අතර, උපේක්‍ෂා සහගතව බලා සිටිමි. මතක් කිරීමට එක දෙයක් තිබේ අහම්බෙන් ලැබුනු මනුසත් ආත්මය තිරිසන් ලෙස භාවිතා කිරීම දෙමාපියන්ටද කරන නිගරුවකි. තවද මගේ යැයි සඳහන් කරමින් ව්‍යාජ ලෙස සකසා ගත් ලියකියවිලි යොදා ගනිමින් ඒවා ඔහුගේ යහළුවන් අතරට යැවීමට කටයුතු කරන බව දැනගැනීමට ලැබී තිබේ. මගේ යහළුවන්ට දැනගැනීමට සහ මෙවැනි අසහනකරුවන්ගෙන් ප්‍රවේශම් වීමට මෙය උපයෝගී වේවා‍යි සිතමි..'' යනුවෙනි.

20160713Tharushi-2