(අංජුල මහික වීරරත්න)
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය ද රජයේ Clean Sri Lanka වැඩසටහනට සමගාමීව අද වැඩ ඇරැඹූහ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල රාජ්‍ය උත්සවයට සමගාමීව මෙම වැඩ ඇරැඹීම සිදු කෙරිණි.
මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහත්වරු සහභාගී වූහ.