ඉතාලියෙන් කෑලි ගෙන්වා ලංකාවේදි එකලස් කළ අධිබල එන්ජින් ධාරිතාවෙන් යුත් යතුරු පැදි 2 ක් බොරලැස්ස මිරිස්සන්කොටුවේ නිවසකින් සැකකරුවකු සමඟ අද (20) දහවල් සැකපිට අත්අඩංගුවට ගත්බව වෙන්නපුව පොලිස් අපරාධ අංශය පැවසීය. මෙවැනි යතුර පැදි ශ්රී ලංකාව ආනයනය තහනම් කර ඇත.

