ත්‍රී'මලේ ගිය ව්‍යාපාරිකයා ඉන්නවාලු


රුපියල් කෝටියක් රැගෙන රන් බඩු වෙන්දේසියකට ත්‍රි'මලේ ගිය අටුලුගම ව්‍යාපාරික මොහොමඩ් නස්රීන් (35) ජිවතුන් අතර සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි හා බණ්ඩාරගම පිරිසක් කියති. ඔහු යාපනයට  ගොස් ඇති කතාවක් ද කියති. පෙර  දිනයේ මාධ්‍යවේදීන් ඉදිරිපිට හඬා වැටුණු ඔහුගේ බිරිය අද මාධ්‍යවේදීන් යද්දී  ගෙට ගොස් දොර වසා ගත් බව එහි ගිය මාධ්‍යවේදීහු කියති.

තම පුතා ජිවතුන් අතර  සිටින බවට  සාස්තර කියන තැන් තුනකින් ම පැවසු බව ඔහුගේ පියා කියයි. පුතා නැති වු බවට  පොලිසියට පැමිණිලි කළේ ද ඔහුය. ඔහු සමඟ බණ්ඩාරගම සිට ත්‍රීකුණාමලයට  ගිය සගයන් තිදෙනාගෙන් පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න කරන බව වාර්තා වෙයි.