ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියට සඳුදා (5) රාත්‍රියේ ගල් ගැසීමෙන් මැදිරි දොරක වීදුරුවක් කැඩී ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.
ත්‍රිකුණාමලය හා චීනවරාය අතරදී ගල් ප්‍රහාරය එල්ල කර ඇතැයි කියති.
මේ අතර අද උදෑසන ගාල්ල බලා යමින් තිබූ සමුද්‍ර දේවි දුම්රියේ ගමන් කළ කාන්තාවකගේ මුහුණට ගල් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිස් ආරංචි කියයි.
ඇය ගාල්ලේ කාන්තාවක බවද වාර්තා වේ.