තිබ්බොට්ටාව කන්දෙන් පවුල් 22ක් ඉවත් කරයි


චිත්මි චේතාරි
 
බුලත්සිංහල තිබ්බොට්ටාව  කන්ද නායයෑමේ අවදානමක් ඇති හෙයින් පවුල් 22ක් ඉවත් කළ බව බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් එස් කේ සේනාධීර මහතා පැවසීය.
 
මෙම කන්ද මීට පෙර  නාය ගිය අතර ඒ ගැන සිදු කළ භූ විද්‍යා පරීක්ෂණයකින් අනතුරුව අවදානම් ස්ථාන හඳුනා ගෙන තිබේ.