
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ව්‍යාජ ලෙස රියදුරු බලපත්‍ර, වාහන ලියාපදිංචි සහතික, හා ජාතික හැඳුනුම්පත් සාදා මුදලට අලෙවි කිරීමේ ජාවාරමක යෙදුණු පුද්ගලයකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.
ව්‍යාජ ලෙස සැකසූ රියදුරු බලපත්‍ර 12 ක් , ජාතික හැඳුනුම්පත් 08 ක්, තාවකාලික රියදුරු බලපත්‍ර 08 ක් , හා වාහන ලියාපදිංචි කිරීමේ සහතික 04 ක් පොලිස් භාරයට ගෙන ඇත.
නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. ජි. ජේ. කහටදෙනිය මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ නිවාරණ රාජකාරී යෙදී සිටියදී වැලිකඩ පොලිස් වසමේ සැකකටයුතු පුද්ගලයකු පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබූ තාවකාලික රියදුරු බලපත්‍රය පිළිබඳ ඇතූවු සැකයක් මත සිදුකළ ප්‍රශ්න කිරීමේදී නාරහේන්පිට ආර් ,එම්, වී එක අසල නිවසක පුද්ගලයකුගෙන් රුපියල් 4000/= මිලකට මිලදී ගත් බවට තොරතුරු අනාවරණය වීමත් සමගම සිදුකළ වැඩිදුර විමර්ශනවලදී මෙම ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
එම සැකකරුගේ මග පෙන්වීම මත නාරහේන්පිට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ආසන්නයේ නිවසක් වටලා නිවෙස් හිමි පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදුකළ පරික්ෂාවේදී ඔහු සන්තකයේ තිබී, ව්‍යාජ ලෙස සැකසූ රියදුරු බලපත්‍ර ජාතික හැඳුනුම්පත් තාවකාලික රියදුරු බලපත්‍ර මෙන්ම වාහන ලියාපදිංචි කිරීමේ සහතික පත්‍ර තොගය සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි.
මොහු ඉතා සූක්ෂම ලෙස මේවා සකස්කර රුපියල් 7500/= සිට ඉහළ මිල ගණන්වලට පැමිණෙන පුද්ගලයාගේ අවශ්‍යතාවය මත අලෙවි කරන බවට ප්‍රශ්න කිරීමේදී කිරීමේදී වැඩිදුරටත් අනාවරණය වී යැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd