
(අංජුල මහික වීරරත්න)
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය නවීන ප්‍රමිතීන්ට අනුව සංවර්ධනය කිරීමට අපි වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවැසීය.
අමාත්‍යවරයා අද (12) පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙදපොල සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් මේ බව කීය.
මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වත්මන් තත්ත්වය, පවතින අඩුපාඩු මෙන්ම වෙළෙඳුන් සහ සේවකයින් මුහුණ දෙන ගැටලු පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානයට යොමු වූ අතර, ඔවුන් සමඟද සාකච්ඡා කරමින් තොරතුරු විමසා බැලීය.
වෙළෙඳ සංකීර්ණය දේශීය පාරිභෝගිකයින්ට මෙන්ම විදේශීය සංචාරකයින්ටද නිදහසේ පැමිණිය හැකි නවීන පහසුකම් සහිත ස්ථානයක් බවට පත් කිරීම රජයේ අරමුණ බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
සාම්ප්‍රදායික ධීවර කර්මාන්තය රටට සැබෑ ආර්ථික ආදායමක් උත්පාදනය කළ හැකි නවීන වාණිජ කර්මාන්තයක් බවට පරිවර්තනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡා පවත්වා ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි අයවැය මඟින් වෙන් කිරීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවටත් ඔහු මෙහිදී සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd