තිළිණ ගමගේට ඇප


අනවසරයෙන් අලි පැටවකු ළඟ තබාගත් බවට සැකපිට උසාවියට ඉදිරිපත් කළ හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හැරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද (2) නියෝග කළේය.

ලබන අඟහරුවාදා (7) ඔහුට රහස් පොලිසියේ පෙනී සිටින ලෙසද නියෝග කැරුණු අතර විදෙස් ගමන් ද තහනම් කැරිණි.

අලිපැටවකු සම්බන්ධ සිද්ධියට උසාවි පැමිණෙන ලෙස නොතීසි නිකුත් කැර තිබියදී තිළිණ ගමගේ අද සිය නීතිඥවරුන් සමග පැමිණ උසාවියට බාරවිය.


තිළිණ ගමගේ බාර වෙයි @ 16:56 

අනවසර අලි  පැටියකු ළඟ තබා  ගත්තැයි  සැකපිට කොළඹ කොටුව හිටපු  මහේස්ත්‍රාත් තිළිණ ගමගේට  ඇප දෙනවාද නැද්ද යන්න අද (02) සවස 6 ට  ප්‍රකාශ කරන බව ගංගොඩවිල මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා  ප්‍රකාශ කළේය.

තිළිණ ගමගේ  අද ඔහුගේ  නිතිඥවරුන් සමඟ අධිකරණයට බාරවීමට  පැමිණියේය.  ඔහුගේ  අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රය ද අද විභාගයට  ගැනීමට නියමිතව තිබිණි. ඔහුගේ නිතිඥවරු එම ඉල්ලුම් පත්‍රය ඉල්ලා අස්කර ගත්හ.

IMG_1216 IMG_1217 IMG_1220

ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ