තෙල් බවුසරය බත්තුළුඔයේ ගසාගෙන යයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

බත්තුළුඔයෙ ආරක්ෂීත පැති බැමි කඩාගෙන ගොස් බත්තුළුඔයට ඇද වැටුන ඉන්දන බවුසරයක් මීටර් 100 ක පමන දුරකට ගසා ගෙන ගොස් දුම්රිය මාර්ගයෙ පාලමේ සිරවි නැවති ඇතැයි  මුන්දලම පොලිසිය කියයි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සිට පුත්තලම පාලවිය කර්මාන්ත පුරවරයට ඉන්ධන රැගෙන ගොස් එය ලබා දීමේන් පසු නැවත කොළඹ බලා එමින් තිබු බවුසරයක් බවයි.

මෙම බවුසරය නොසිතු ලෙස පුත්තලම කොළඹ මාර්ගයෙ ආනවිළුන්දාව ආසන්නයෙ ඇති බත්තුළුඔය පාලමේ ගැටි ආරක්ෂීත පැති බැමි ද කඩා ගෙන බත්තුළුඔයට වැටි ඇති බව කියයි.

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් බත්තුළුඔයේ ජල මට්ටම ඉහල යාම හේතුවෙන් බත්තුළුඔයට වැටුන බවුසරය ගසා ගෙන ගොස් මිටර් 100 කට ආසන්න දුරකින් පිහිටි බත්තුළුඔය දුම්රිය පාලමේ ගැටි සිරවි නැවති ඇති බව පොලිසිය කියයි.

පාලමේ ගැටිමේන් නැවති ගිය බවුසරයෙ සිටි රියදුරා දැඩි පරිශ්‍රමක් දරා බවුසරයෙන් ඉවතට විත් බවුසරයෙ ටැංකිය මතට නැගි බේරා ගන්නා ලෙස කෑගසා ඇති බව පොලිසිය කියයි.

මුන්දලම පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව රියැදුරා බේරාගෙන ඇත.