එකිනෙකට වෙනස් වෘත්තිය තුනක් නියැළෙමින් නිරූපිකාවක ලෙසද කටයුතු කරන ඇය මනා සංයමකින් හෙබී නාරි අංග ලක්ෂණයන්ගෙන් යුත් යුවැත්තියකි. අමන්දා හංසිනි නම් වන ඇය ඇගේ තොරතුරු පැවසීමට ‘සාරවිට’ සමගින් මෙලෙසින් දොඩමළු වූවාය.
ඔබේ පෞද්ගලික තොරතුරු ටිකක් කියන්න?
මම අමන්දා හංසිනි. මම දැනට නිවාස අධිකාරියේ රැකියා කරන ගමන් තමයි නිරූපණ කටයුතු සඳහා දායක වෙන්නේ. ඊට අමතරව මම විනෝදාංශයක් විදියට පත්තරයට ලියනවා.
රැකියාවත් සමග අනිත් කටයුතු සඳහා කාලය වෙන්කරන්න හැකියාවක් තිබෙනවාද?
මම ආස දෙයක් කරන්න තියෙනවා නම් කාලය කළමනාකරණය කරගෙන ඒ සඳහා දායක වෙනවා. අනික මම කැමැත්තෙන් කරන දෙයක් නිසා මම කොහොමහරි කාලය දැන් හදාගන්නවා.
නිරූපණය පිළිබඳ අදහසක් ආවෙ කොහොමද?
මම චූටි කාලේ ඉඳන් ලියන්න, නාට්‍යවල රඟපාන්න කැමැත්තක් තිබුණා. ඒක චූටිකාලේ තිබ්බ ආසාවක්. මම රැකියාව කරනගමන් මගේ නිවාඩු කාලය මේ සඳහා වෙන්කරලා තියෙන්නේ.
නිරූපණයෙන් දායකවෙලා තියෙන්නේ මොනවා සඳහාද?
මම සංචාරක ආයතනයක සඟරාවක ඡායාරූප සඳහා පෙනී ඉඳලා තියෙනවා. ඊට අමතරව ආර්යන් ෆිල්ම්ස්වල ඡායාරූප සඳහා පෙනී ඉඳලා තියෙනවා. නමුත් ඒක දැනට එළිදක්වලා නෑ. ගොඩක් ෆොටෝ ෂූට් සඳහා ආරාධනා ලැබිලා තිබෙනවා. නමුත් තෝරාබේරාගෙන දායක වෙන්න තමයි මගේ අදහස තියෙන්නේ.
සිනමාවට අකමැතිද?
අකමැත්තක් නෑ. හොඳ ආරාධනාවක් ආවොත් මට කරගන්න පුළුවන් කියලා හිතුණොත් අනිවාර්යයෙන් කැමති වෙනවා.
නිදහස් ලේඛිකාවක් විදියට වැඩකරනවා කිව්වා නේද? ඒ ගැන කථා කළොත්?
මම නිදහස් කාලවේලාව තුළ ‘මව්බිම යං’ සඳහා ලිපි ලිව්වා. ඊට අමතරව මම ‘අද’ පුවත්පතටත් වෙලාවක් තිබුණොත් ලිපි ලියනවා. ඒ වගේම විශේෂ වැඩසටහනක් සඳහා කාගෙන් හරි ආරාධනාවක් ආවොත් ලියන්න කියලා ඒ සඳහාත් දායක වෙනවා.
ක්ෂේත්රයන් තුනක වැඩ කටයුතු කරන ඔබ ඉඩප්‍රස්තාව ලබාදෙන්නේ කුමක් සඳහාද?
මගේ අම්මාගේ හීනයක් තමයි රජයේ රැකියාවක් කරන්න ඕනේ කියන එක. රැකියාවට මුල්තැන දීලා කරන අතරවාරයේදී තමයි අනිත් දේවල් සඳහාත් ඉඩප්‍රස්තාව ලබාගන්නේ. පොඩිකාලෙදීම මගේ තාත්තා නැති වුණා. අම්මාගේ හීනෙත් මම හැබෑකරන්න ඕනේ. එයා දීපු දේවල්වලින් එයා බලාපොරොත්තු වුණා මම හොඳ රැකියාවක් කරයි කියලා. ඒ නිසා මම රැකියාවට මුල්තැන දෙනවා. මගේ විනෝදාංශයක් විදියට තමයි අනිත් වැඩකටයුතු දෙකම කරන්නේ. ක්ෂේත්රයන් තුනක නියැළෙද්දී ප්‍රශ්න එන්නේ නැතුවාම නොවෙයි. ඒවත් එක්ක වැඩ කරද්දී ජීවිතයට ලොකු අත්දැකීමක් එකතුකරගන්න පුළුවන් වෙනවා. එහිදී අපේ අත්දැකීම් අනුව කාලය කළමනාකරණය කරගැනීමට හැකියාව ලැබෙනවා.
ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මම නවකතාවක් ලියමින් පවතිනවා. ඒකත් තව මාස හතරක් පහක් ඇතුළත එළිදක්වන්න පුළුවන්. මගේ රැකියාවත් එක්ක අනිත් පැති දෙකටත් හොඳ සේවාවක් කරන්න බලාපොරොත්තු වෙනවා.
මතක් කරන්න පිරිසක් ඉන්නවාද?
විශේෂයෙන්ම මගේ අම්මාව මතක් කරන්න ඕනේ. මම ෂූට් එකකට ගියත් හැමදාම අම්මා ළඟින්ම හිටියා. ඒ වගේම තමයි තාත්තා. තාත්තා මං ගාව නැති වුණත් පොඩිකාලේ ඉඳන්ම ලියන දේවල් සඳහා උදව් කළේ එයා. ඊට අමතරව මව්බිම පත්තරේට ආර්ටිකල් දාන්න උදව් කරන හැම දෙනාවමත්, ‘අද’ පත්තරේටත් අවස්ථාව ලබාදෙන හැමෝටමත් මම මේ මොහොතේ විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද