බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවෙකු නොවුණද වර්තමානයේ සිය ජනප්රියත්වයේ හිණිපෙත්තේ සිටින ආක්ෂේ කුමාර් රංගනයෙන් දායක වන අලුත්ම චිත්රපටය වූ "හවුස්ෆුල්" තුන්වැනි චිත්රපටය පසුගියදා (ජුනි 03 වැනිදා) ලොවපුරා ප්රදර්ශනය ආරම්භ කෙරුණි. වාර්තා වන අන්දමට ආක්ෂේ කුමාර් ඉදිරියේදී දමිළ සිනමාවේ තිරගත වූ චිත්රපට කිහිපයක අනුව බොලිවුඩ් නිර්මාණ සඳහා ඉදිරියේදී එක්වීමට කැමැත්ත පළ කර තිබේ.
ඒ දකුණු ඉන්දීය සුපිරි නළු විජේ රඟපෑ "කත්ති" හා "තුපක්කි" චිත්රපටයේ දෙවැනි චිත්රපටයේ බොලිවුඩ් නව නිර්මාණ සඳහාය. එමෙන්ම ආක්ෂේ මේ වනවිට දමිළ සිනමාවටද සම්බන්ධ වී සිටින අතර, ඔහුගේ පළමු දමිළ චිත්රපටය වී ඇත්තේ ආර්. ශේකර්ගේ "2.0" චිත්රපටයයි. මෙහිදී ඔහු සුපිරි දමිළ සිනමා නළු රාජිණිකාන්ත් හා ඇමී ජැක්සන් සමගින් ප්රධාන චරිත නිරූපණය කරයි.