දරුවකු අපයෝජනය කළ ශ්‍රමණවේෂ ධාරියකු වසර අටක් සිපිරිගෙට


(උපාලි ආනන්ද) 

බාලවයස්කාර පිරිමි දරුවකුට බරපතල ලිංගික අපයෝජනයන් සිදු කළ බවට මහාධිකරණය භමුවේ අධිචෝදනා ලැබ සිටි විත්තිකාර ශ්‍රමණ වේෂ ධාරියකු  එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කල ලමා අපරාධ පිළිබඳ අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු සදුන් විතානගේ මහතා ඔහුට වසර 8 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.

ඊට අමතරව වින්දිත දරුවාට මුදලින් රුපියල් ලක්ෂ 3 ක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරියා ඊට ද අමතරව මුදලින් රුපියල් 1500 ක දඩයක් ගෙවන ලෙසට ද නියෝග කරනු ලැබීය.

මෙසේ දඩුවම් නියම වුයේ  සූරියවැව සුමනධමිම නැමති ශ්‍රමණ වේෂ ධාරියකුටය.2021 වසරේ අප්‍රේල් මස 4 වන දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් තඹුත්තේගම දී විත්තිකරු මෙම වරද සිදු කළ බවට නීතිපතිවරයා මෙම ඔහුට එරෙහිව ළමා අපරාධ පිළිබඳ අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබිණ.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධි නීතිඥ යුරේකා පෙරේරා මෙනවිය පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ වෙනුර ධර්මසේන මහතා පෙනී සිටියේය