දරුවන්ගේ ලිංගික දර්ශන විදේශීයන්ට ‌බෙදු අයෙකු අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ සහ ඡායාරූප විදේශීය ජාතිකයන්ට බෙදා  හැරී 20 හැවිරිදි තරුණයෙකු රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

සැකකරු සන්තකයේ තිබී අසභ්‍ය දර්ශන ඇතුළත් ජංගම දුරකථනයක් හා පරිගණක යන්ත්‍රයක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයට ලද තොරතුර  අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සැකකරුට අයත් දුරකථන වාර්තාවක් ලබා ගෙන විමර්ශනවලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු රාගම ,කැන්දලියද්ද පාළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.