දැරියට සුවයි : පියා තුති පුදයි


පානදුරයේ ෆොන්සේකා පාරේ අංක 58 නිවසේ පදිංචි නව හැවිරිදි චලනි සොයිසා දැරිය දකුණු ඉන්දියාවේ චෙන්නායි මියොට් රෝහලේ දෙවැනි හදවත් සැත්කමටද සාර්ථකව මුහුණ දී මේ වනවිට සුවය ලබා ඇතැයි ඇගේ පියා වන එච්.ජී. නාලක සොයිසා මහතා පවසයි.

ලංකාදිප කාර්යාලයට පැමිණ පරිත්‍යාශීලිනට පිං දෙමින් ඔහු පැවසුවේ  චෙන්නායි රෝහලේ සැත්කම සඳහා උදව් කළ සියලු  දෙනාටම ස්තූතිය පළ කරන බවයි.  lankadeepa.lk වෙබ් අඩවිය,ලංකාදීප පුවත්පත, අද සහ ඩේලිමීරර් පාඨකයන්ගෙන් රුපියල් හත් ලක්ෂයක් ලැබුණු බව ද ඔහු කියයි. 

එංගලන්තයේ පදිංචි ලංකාදීප වෙබ් අඩවියේ පාඨක රූපවතී මහත්මිය රුපියල් ලක්ෂ තුන හමාරක ආධාර කළ බවත් පෞද්ගලිකවම සැත්කම සාර්ථක කර ගැනීම සඳහා උදව් කළ බවත් සොයිසා මහතා සඳහන් කරයි. ඇගේ දෙමාපියන්ට පිං පිණිස එම උපකාරය කර ඇතැයිද ඔහු කියයි.

web32_1044786965575106_9001657823479856725_n

නාලක සොයිසා මහතා (දැරියගේ පියා)

web_rupawathiIMG_210

රූපවතී මහත්මිය