(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රිනාත් ප්‍රසන්න ජයසූරිය)
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් සොයා ගැනීම සදහා රහස් පොලිස් විශේෂ කණ්ඩායමක් 15 ක් මේ වනවිට යොදා ඇති බව ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර්ග පවසයි.
දේශබන්දු තෙන්නකොන් මහතා අධිකරණය මගහරිමින් සැගවී මේ වනවිට දින 19 ක් ගෙවී ඇත.
කෙසේ වෙතත් දේශබන්දු තෙන්නකොන් මහතා රැදී සිටින බවට සැකකෙරෙන විවිධ ස්ථාන රාශියක් පිළිබදව සෝදිසි මෙහෙයුම් සිදුකර ඇති අතර දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නීතීඥයන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය මගින් ඉවත දමා නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට කළ නියෝග මත රහස් පොලිස් විමර්ශන කණ්ඩායම් වැඩිකර ඇති බව පැවැසේ.
රහස් පොලිස් නිලධාරීන් නිවාස සංකීර්ණ ආශිතව සිදුකරනු ලබන සෝදිසි කිරීම්වලදී පොලිසිය දැඩි අපහසුතාවට පත් වන අතර එම නිවාස සංකීර්ණවල පවතින අන්තර් ආරක්ෂක ක්‍රියා පිළිවෙත හේතුවෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී අර්බුද රැසකට මුහුණදෙන බවද එම ආරංචි මාර්ග පවසයි.