දිස්ත්‍රික්ක 14 ක සුනාමි පෙරහුරුවක්


අන්තර්ජාතික සුනාමි පෙරහුරුවක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී ලබන 07 වනදා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඉන්දීය කලාපීය සුනාමි ආපදා ඇගවීමේ මධ්‍යස්ථාන හරහා පූර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදය සහ වේලාවන්ට සමගාමීව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තාක්ෂණික දත්ත උපයෝගී කරගනිමින් මෙරට දිස්ත්‍රික්ක 14ක මෙම පෙරහුරුව ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

ඒ අනුව කොළඹ ,ගම්පහ ,පුත්තලම ,මන්නාරම ,කිළිනොච්චිය ,යාපනය ,මුලතිව් ,ත්‍රිකුනාමලය ,මඩුකලපුව ,අම්පාර ,හම්බන්තොට ,ගාල්ල සහ කලුතර දිස්ත්‍රික්ක වල මෙම සුනාමි පෙරහුරැව පැවැත්වේ.එම දිස්ත්‍රික් වල මහජනතාවට පූර්ව අනතුරු ඇගවීම් ලබා දීම ,එම පිරිස් ඉවත් කිරීම හා දැනුවත් කිරීම සිදු කෙරේ.