දුම්රියේ හැපී සිවිල් ආරක්ෂකයා මරුට


මඩකලපුව කොඹ දුම්රියට අද (03) අලුයම මනම්පිටියේ දී සිවිල් ආරක්ෂක භටයෙකු (28) යටවී මරණයට පත් වූ බව පොළොන්නරුව පොලිසිය කියයි.

අනතුර නිසා දුම්රිය කොළඹ කොටුවට ළඟා වීමට පැයක පමණ කාලයක් ප්‍රමාද වී ඇති බව දුම්රිය පාලකමැදිරි ආරංචි කියයි.

මිය ගිය පුද්ගලයා මනම්පිටිය මාගංතොට පදිංචි එක් දරු පියෙකි.

DSC00354 DSC00358 DSC00359 DSC00360 DSC00365 DSC00369