(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් නෙරපීම පිළිබඳව ඉදිරිපත් කෙරුණු යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම යෝජනාව කථානායකවරයාට බාර දෙනු ලැබුවේ නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මහින්ද ජයසිංහ, එරංග ගුණසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කෞශල්‍යා ආරියරත්න සහ උපුල් අබේවික්‍රම මහත්ම මහත්මීන් විසිනි.