දේශබන්දුගේ ගෙදර රටබීම බෝතල් 1009ක්


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අනිවාර්ය නිවාඩු ගිය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නිවසේ තිබී විදේශීය මත්පැන් බෝතල් 1009 ක්ද ඔහුගේ ගිනි අවියද ඇපල් වර්ගයේ ජංගම දුරකතන දෙකක්ද සොයාගත් බව අපරාධ පරීක්ෂණ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයට බාරවීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

වැලිගම පොලිස් වසමේ සංචාරක හෝටලයක සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු හය දෙනකුට චෝදනා එල්ල වූ කාරණය ගැන අදහස් ඉදිරිපත් කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් දේශබන්දු තෙන්නකෝන් මහතාගේ දේපළ තහනම් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අද මාතර අධිකරණයට ගොස් තිබුණා. මේ අවස්ථාවේදී අද තෙන්නකෝන් මහතා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට බාර වෙලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දේශබන්දු තෙන්නකෝන් මහතාගේ හෝකන්දර නිවස ඊයේ පරීක්ෂා කරලා තියෙනවා. එහි තිබී විදේශීය මත්පැන් බෝතල් 795ක් වයින් බෝතල් 214 ක් වශයෙන් බෝතල් 1009ක් සොයා ගත්තා. ඔහුගේ ගිනි අවිය ලෙස සැලකෙන පිස්තෝලයක්ද පොලිසිය භාරයට ගත්තා. ඇපල් වර්ගයේ දුරකතන දෙකකුත් පොලිස් බාරයට ගත්තා.