(රන්ජන් කටුගම්පොළ)
අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.
ඊට අමතරව ඔහුට සැඟවී සිටීමට ආධාර අනුබල දී ඇති පුද්ගලයන්ට එරෙහිව ද නීතිමය පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.
අභියාචනාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනු කළ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවය. ඒ අනුව ඔහුට රුපියල් දසදහස් පන්සියයක නඩු ගාස්තු ගෙවන ලෙස නියෝගය කෙරිණි.