දෝහා නුවර ස්ටැෆර්ඞ් ශ්‍රී ලාංකීය පාසල එකම පවුලක් ලෙසින් ඉෆ්තාර් චාරිත්‍රය ඉටුකරයි


DSC_0081

DSC_0089

DSC_0117

 

 

දෝහා නුවර ස්ටැෆර්ඞ් ජාත්‍යන්තර පාසල මේ වසරේදී එකම පවුලක් ලෙසින් ඉෆ්තාර් වැඩසටහනක් පැවැත්වීය. මවුපියන්ගේ සහ ගුරුවරුන්ගේ සහයෝගය ඇතිව ස්ටැෆර්ඞ් පාසල විසින් සංවිධානය කරනු ලැබූ ඉෆ්තාර් වැඩසටහන ජූනි 16 වැනිදා අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් යුතුව පාසල් පරිශ්‍රයේදී පවත්වනු ලැබිණි.


මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙසින් සහභාගි වූ ෂෙයික් මක්ෂූද් සිද්දිකි සහ ස්ටැෆර්ඞ් ශ්‍රී ලාංකික පාසලේ සභාපති කුමුදු ෆොන්සේකා මහතා අන් අයගේ ආගමික සම්ප්‍රදායන් පිළිගැනීමේ සහ රාමදාන් උත්සවයේ ඇති වැදගත්කම අවධාරණය කළේය. 


පාසල් දරු දැරියන් විසින් රචනා, ගීත ගායනා සහ කුරානයේ පාඨ කියැවීම් ඇතුළත් වූ මෙවර වැඩසටහනට පැමිණ සිටි පිරිසට ප්‍රීතිමත් අත්දැකීමක් විය.