කොළඹ අලුත්කඩේ නීති විද්‍යාලයයේ දෙවැනි වසරේ ධනුජය සමරසිංහ නීති නිලවරණයෙන් 2017 සභාපති ලෙස වැඩි ඡන්ද 32 කින් තේරී පත්වීය.
එහි ලේකම් ලෙස හර්ෂණ ජයරත්න ද , භාණ්ඩාගාරික ලෙස රසික ජයසිංහ ද ස්වාධීන නීති ශිෂ්‍ය ව්‍යාපාරයෙන් පත් කැර ගනු ලැබ සිටිති.
කොළඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිය ද හදාරයි. 2015 නීති විභාගයෙන් ලංකාවෙන්ම දෙවැනි ස්ථානයට පත්විය. ඔහු රාජකීය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නියාමකයෙක් ද විය.
42 වැනි බාලදක්ෂ සමුහයේ සහාය බාලදක්ෂ නායකයා ලෙස ද විද්‍යාලීය කථික හා විවාද සංගමයේ උප ලේකම් ධුරය ද විද්‍යාලීය පාසල් සඟරාවේ උප කර්තෘ ලෙසද ක්‍රියා කළේය. ඔහු නීති විද්‍යාලයීය පරිසර සංගමයේ ව්‍යාපෘතී කළමනාකරුවකි.
ධනුජය ප්‍රවීණ මාධ්‍යවේදී ගාමීණි සමරසිංහගේ පුත්‍රයාය.