(අයි. ආර්. ඉන්දික)
වැල්ලවාය මහේස්ත්‍රාත් අධීකරණයේ විභාග වු සිවිල් නඩුවකට පෙනි සිට ආපසු උසාවියෙන් එළයට පැමීණි පුද්ගලයකුට ගේට්ටුව ආසනනයේදි අද උදෑසන පුද්ගලයකු තියුණු ආයුදකින් පහරදී තිබේ .
මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයකු වන අතර පහර දුන් පුද්ගලයාද හම්බෙගමුව ප්‍රදේශයේම පදිංචි කරුවකු බව පොලිසිය පවසයි .
තමන් සම්බන්ධයෙන් කේලම් කියන බවට ඇති වු කෝපය නිසා මෙම පහර දීම සිදු කළ බව පොලිසිය සිදුකල ප්‍රශ්න කිරිම්වලදී සැකකරු පවසා ඇති අතර පොරබැදිමේදි එම සැකකරුද සුලු තුවාල ලබා තිබේ .

