දිලිනි අමරසිංහ යනු ක්ෂේත්රයට තුළ කැපී පෙනෙන චරිතයකි. "ෆෙයාර් ඇන්ඩ් ලව්ලි", "සෙලින්කෝ ලයිෆ්", "පෙයාර්ස් බේබි", "මැගී දයියා", වැනි වෙළෙඳ දැන්වීම්වලපෙනී සිටි ඇය "සදහටම ඔබ මගේ" සහ "මේ ආදරයයි"ටෙලිනාට්‍යවල හඬකැවීම් ශිල්පිනියක ලෙසද කටයුතු කරයි. නර්තන හැකියාවක්ද ඇති ඇය සිය කලා දිවිය පිළිබඳව කතා බහ කිරීමට "අද" තරු කතාබහට එක්විය.
දිලිනි අමරසිංහ කියන්නේ කවුද?
නර්තන, හඬකැවීම් ශිල්පිනියක සහ වෙළෙඳ දැන්වීම් නිරූපණ ශිල්පිනියක විදිහට හඳුන්වන්න පුළුවන්.
ක්ෂේත්රයන් ත්‍රිත්වය සඳහා දායක වෙන්නේ කොහොමද?
මම මුලින්ම ආරම්භ කළේ නර්තනයයි. නර්තනය කියන්නේ පොඩි කාලේ ඉඳන්ම කරපු දෙයක්. මුලින්ම මම 2006 වර්ෂයේදී රූපවාහිනියේ "රජිත රශ්මි" තරගයට දායක වුණා. ඊට පස්සේ "දෙරණ සිටි ඔෆ් ඩාන්ස් 2009" තරගයේ අපේ කණ්ඩායම පළමු ස්ථානය ලබා ගත්තා. ඊට පස්සේ තමයි ගොඩක් විශේෂ වැඩ සඳහා සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණේ. නර්තන කටයුතු සඳහා සම්බන්ධ වෙලා ඉන්නකොට තමයි, වෙළෙඳ දැන්වීම සඳහා ආරාධනා ලැබුණේ. මේ දවස්වලත් දායක වුණු වෙළෙඳ දැන්වීම විකාශනය වෙනවා. ඊට පස්සේ නාවල ආර්ට් ඇන්ඩ් මීඩීයා මැනේජ්මන්ට් පාසලේ, Announce and presentation පාඨමාලාවක් හැදෑරුවා. ඒකෙන් පස්සේ තමයි හඬ කැවීම්වලට සම්බන්ධවුණේ.
එතැනින් ආරම්භ වූ ගමන ගැන කිවුවොත්?
මුලින්ම මට අවස්ථාව ලැබුණේ දෙරණ, ඊට පස්සේ සිරස ආයතනයට දායක වෙන්න ලැබුණා. දෙරණ ආයතනයේ මේ දිනවල විකාශනය වන "සදහටම ඔබ මගේ" ශමීරාගේ චරිතයටට හඬකවනවා. සිරස ආයතනයේ "මේ ආදරයයි" හි රින්කිගේ චරිතයට පණ පොවනවා.
නිරූපණයෙන් දායක වූ වැඩගැන කිවුවොත්?
මේ දවස්වල විකාශනය වන වෙළෙඳ දැන්වීම් ගැන කිවුවොත්, "ගෝල්ඩි" "සොසේජස් දිනුම් වාසනා", "නෝර් උම්බලකඩ පවුඩර්", මංචි, යන වෙළෙඳ දැන්වීම සඳහා දායක වුණා. මීට කලින් කරලා තියෙනවා. "ෆෙයාර් ඇන්ඩ් ලව්ලි", "සෙලින්කෝ ලයිෆ්", "පෙයාර්ස් බේබි", "මැගී දයියා", "කික් කෝලා", මොබිටෙල්mcash,prepaid, download වෙළෙඳ දැන්වීම් තුනක් සඳහා දායක වුණා. ඊට අමතරවSLT වැනි වෙළෙඳ දැන්වීම් සඳහාත් දායක වුණා. තව ඉදිරියේදී කිහිපයක් එන්නත් තියෙනවා.
ක්ෂේත්රයන් ත්‍රිත්වයක නියැළෙන ඔබ එක් වෘත්තීය තෝරාගැනීමට කාලයක් ආවොත්?
නර්තනය කියන එක අපිට දිගටම කරන්න බැහැ. මම Performing Arts වලින්උපාධියක් හදාරනවා. එකෙත් Performing Arts මගේ එක් විෂයක්. නර්තනය තමයි මම මූලිකව කරගෙන කරන්නේ. ඉදිරියේදී නර්තනය වෘත්තීමය වශයෙන් කරන්න පුළුවන්. හඬකැවීම් කියන දේත් එන චරිත අනුව කරගෙන යන්න පුළුවන්. මම හිතන්නේ නැහැ,නිරූපණ කියන දේ ස්ථීර වෘත්තීයක් විදිහට කරන්න පුළුවන් කියලා. නර්තනය සහ හඬකැවීම යන ක්ෂේත්‍ර දෙකෙන් දක්ෂාතාවන් වැඩි කරගෙන ඉදිරියට යන්න තමයි මගේ බලාපොරොත්තුව. මම JMC International School එකේ ගුරුවරියක් විදිහට කටයුතු කළා. මේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක ඒ වැඩකටයුතු කරන්න අමාරු වුණා.
ළමාකාලයේ තිබුණු සිහිනයක්ද දැන් මේසැබෑ කරගෙන තියෙන්නේ?
මම පොඩිකාලේ ඉඳන්ම ආස කළේ නර්තන ශිල්පිනියක් වෙන්න. ඒ කාලේ ඉඳන්ම මම නර්තනය සඳහා පන්ති ගියා. මම නර්තනය කරනවා දැකලා, මගේ අම්මා තමයි මාව පන්තිවලට එක්කගෙන ගියේ. හඬකැවීම් කියන දේට කොහොමත් බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නිවේදන ක්ෂේත්රයෙන් ඉදිරියට යන්න කියලා හිතලා තමයි ඒ පන්තියට ගියේ. පන්තියෙන් තමයි හඬකැවීමේ ශිල්පිනියක් ලෙස සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. වෙළෙඳ දැන්වීම් ක්ෂේත්රයේ ඉන්න කොට ස්ක්‍රීන් ටෙස්ට්වලටසහභාගි වෙන්න අවස්ථාව උදාවුණා.
ඉදිරි බලාපොරොත්තු?
පොඩි කාලේ ඉඳන්ම මම මෙහෙම කෙනෙක් වෙනවා කියලා මට බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මොන ක්ෂේත්රයේ වුණත් කරන දේ හරියට කරනවා. මගේ තියෙන දක්ෂතාවලින් ඉදිරියට එන්න බලාපොරොත්තු වෙනවා.
උදවු කරපු පිරිස ගැන කතාකළොත්?
මතක් කරන්න ගොඩක් අය ඉන්නවා. මගේ පාසල වනඅනුලා විද්යාලයේගුරුවරුන් මතක් කරනවා. අම්මා තමයි මට මේ ක්ෂේත්රයේ ඉදිරියට යන්න ගොඩක් උදවුකළේ. මම යන හැම වැඩකටම එයා ආවා. මගේ ස්වාමි පුරුෂයා මගේ වැඩකටයුතු කරගෙන යන්න නිදහස දීලා තියෙනවා. තාත්තත් ඒ වගේ, නම් නොකිවුවත් මට උදව් කරපු හැමෝටම ස්තූති කරනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද