නව රාජ්‍ය දූතයෝ තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර දෙති




(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි විදේශ තානාපතිවරු තිදෙනෙක්   ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද(24) සිය අක්තපත්‍ර බාර දුන්හ.

ප්‍රංශය, පලස්තීනය හා නේපාලය යන රටවල් වෙනුවෙන් මෙලෙස නව තානාපතිවරු පත්ව සිටිති.

ප්‍රංශ තානාපතිවරයා ලෙස රෙමි ලැම්බර්ට්  ( Remi Lambert),  පලස්තීන තානාපතිවරයා ලෙස  ඉහාබ් අයි.එම්.කලීල්  (Ihab I.M. Khalil) නේපාල තානාපතිවරයා ලෙස ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි මහත්වරු  ( Purna Bahadur Nepali) ජනාධිපතිවරයාට මෙලෙස අක්තපත්‍ර බාර දුන්හ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් , ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක  මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.