නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට


 

(අමදෝරු අමරජීව සහ ගයාන් සූරියආරච්චි )

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .

සාම්පූර් නාවික නෞකා විදුර කඳවුරේ සේවයේ නියුතු නාවික ප්‍රවාහන සහායක  කේ.කේ.ජෙ. ඉන්දික නමැති අය මෙලෙස මිය ගොස් තිබේ .මෙම නාවික භටයා එගොඩඋයන, හල්ලව, මතුගම  පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි .

සාම්පූර් සිට පොතුවිල් දක්වා මියගිය නාවික භටයා ධාවනය කළ ට්‍රක් රථය කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර ලංකා පටුන හන්දියේදී මාර්ගය අයිනේ නවතා මහා මාර්ගය පැත්තට වෙන්නට ඇති ඉන්ධන ටැංකිය පරීක්ෂා කිරීමේදී මඩකලපුවේ සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් ගත් කැබ් රථයක නාවික භටයා ගැටී මෙම අනතුර සිදුවී තිබේ .

අනතුර සිදුකර කැබ්‍ රියැදුරා අත්අඩංගුවට ගෙන ඇතැයි අතර ඊච්චලාම්පත්තුව   පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි  .