අපවත්වී වදාළ නාඋයනේ අරියධම්ම රාමඤ්ඤ මහා නිකායේ අනු නායක හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (12) සවස පාර්ලිමේන්තු ක්රීඩාංගණයේදී පැවැත්විණි.
නාපානේ පෙමසිරි රාමඤ්ඤ මහා නිකායේ මහ නායක, දවුල්දෙන ඥානිස්සර අමරපුර මහා නිකායේ මහ නායක යන නාහිමිවරු ඇතුළු දෙදහසක පමණ සඟ පිරිසක්ද ජනපති මෛත්රිපාල සිරිසෙන, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු මැති ඇමැතිවරු රැසක් ද ආදාහන පූජෝත්සවයට එක්ව සිටියහ.
උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීමට මහ සෙනගක්ද එහි පැමිණ සිටියහ.