නාඋයනේ හිමියන්ගේ දේහය අම්බලන්ගොඩට


අපවත්වී වදාළ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමාධිපති නාඋයනේ අරියධම්ම  ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනු නායක හිමියන්ගේ දේහය නා හිමියන්ගේ දේහය අද (9) දා අලුයම රිය පෙරහරකින්  අම්බලන්ගොඩ ගල්දූව ආරණ්‍ය සේනාසනයට වැඩම කැරිණි.

අද පෙරවරැවේ සිට 11 වැනිදා අලුයම දක්වා එම ස්ථානයේ තැන්පත් කර පසුව කොළඹ අංක 417 බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කල්‍යාණී ධර්මාශ්‍රමයේ දේහය තැන්පත් කිරීමට නියමිතය.

පළමුව උන්වහන්සේගේ දේහය  කුරුණෑගල මැල්සිරිපුර - මඩපොල  නාඋයන  ආරණ්‍ය සේනාසනයේ තැන්පත් කර තැබිණි.

ශ්‍රී දේහය පිළිබද අවසන් කටයුතු ලබන 12 වැනිදා  පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතය.

උන්වහවහන්සේට අවසන් ගොරවය දැක්වීමට දිවයිනේ විවිධ පළාත් වලින් ගෞරවණීය මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් පැමිණෙමින් සිටිති.

02 03 07 09

වීඩියෝ - දීපාල් සිල්වා