නාමල්ගේ නඩුවට තව අධ්‍යක්ෂවරියක රිමාන්ඩ්


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගවර්ස් කෝපරේෂන් සහ එන්. ආර් කන්සල්ටන් සමාගම් සමග කළ ගනුදෙනුවක දී රුපියල් මිලියන 45 ක් රජයට පාඩු කළැයි සුජානි බෝගොල්ලාගම ද අද (16) අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි නමුත් ඇය අසනීප වී රෝහලේ පසුවන බව ඇගේ නීතිඥවරු උසාවියට දැන්වූහ.

ඇය එම සමාගම් දෙකේම අධ්‍යක්ෂවරියයි. එම සමාගම් දෙකේ තවත් අධ්‍යක්ෂවරියක වන නිත්‍යා සේනානි සමරනායක ලබන 22 දක්වා රිමාන්ඩ් කරන ලෙස ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය.

ඇබර්ඩීන් සරසවියේ අධ්‍යාපනය ලැබු බෝගොල්ලාම මහා භාණ්ඩාගාරයේ උපදේශක මට්ටමේ රැකියාවක් ලබා සිටියාය. මීට කලින් මුල්‍ය අපරාධ විමර්ශන අංශයට ඇය කියා සිටියේ  හිටපු විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතාගේ අනුග්‍රහයෙන් රැකියාව ලබාගත් බවයි. ජානක බෝගොල්ලාගම මහතාගේ දියණිය වන සුජානි බෝගොල්ලාගම ක්‍රිෂ් සමාගමේ නීතිඥවරියක ලෙස ක්‍රියා කළාය.

ඩලස් අලහප්පෙරුම මහතා පසුගිය දා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කළ ඡායා ඇමති මණ්ඩලයේ විදේශ ඇමති ලෙස නම් කර සිටියේ නාමල් රාජපක්ෂයි.

IMG_2961 IMG_2985_tr

IMG_2981

0-02-01-8493c_full 0-02-01-97e37c51f72c61b89063ae24e58d79a90bbb0e6c92292bbc80ae54c8be7cf318_full 0-02-01-46dca37c9b94ebb96f42efa98f4eef51b933ccca78c8660f538a71852ba01453_full

  

ජායාරූප හා වීඩියෝ - ළහිරු හර්ෂණ