අනුරාධපුරයේ අනවසර ඉඩම් හිමිකරුවන් පිරිසකගේ රැස්වීමකට අනවසරෙන් ගිය බව කියන නැගෙනහිර නුවරගම් පළාත ප්රාදේශිය ලේකම් රුවන් විජේසිංහ මහතාට මරණිය තර්ජන එල්ල කළැයි කියන සිද්ධියට විරෝධය පළ කරමින් ප්රාදේශිය ලේකම් කාර්යාල සේවකයෝ අද (03) උද්ඝෝෂණයක් ඇරඹුහ.
නිතිගරුක නිලධරයන් රැක දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටිති.
මහා සංඝරත්නයෙන් හා මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි පරීක්ෂා කිරීම පහසුවන සේ නැනුප ප්රාදේශිය ලේකම් රුවන් විජේසිංහ මහතා අනුරාධපුර මහ දිසාපති කාර්යාලයේ සංචිතයට මාරු කළ බවත් ඔහුට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බවත් දැනගන්නට ඇත.