නිරූපණය කටයුතුවල නවකයෙකු වන ඉෂාරා දිල්හානි, බලාපොරොත්තු වන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ ඉදිරියට යෑමටයි. එම නිසා ඇගේ කලා කටයුතු සමග කතා බහ කිරීම අප ඇයව මෙලෙස සම්බන්ධ කර ගත්තා.
ඔබව හඳුන්වා දුන්නොත්?
මම ඉෂාරා දිල්හානි. මගේ වයස අවුරුදු 22යි. පවුලේ මමයි, අම්මයි, තාත්තයි, අයියලා 4යි, අක්කයි. පවුලේ බාලයා මමයි.
නිරූපණයද රැකියාව?
නිරූපණය මගේ රැකියාව නෙමෙයි. විනෝදාංශය හැටියට තමයි නිරූපණ කටයුතු කරන්නේ.
වෙනම රැකියාවක් කරනවාද?
දැනට නැහැ. ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා.
කොයි කාලෙද නිරූපණයට එන්නේ?
වැඩි කාලයක් නැහැ 2015 වර්ෂයේදී වගේ.
නිරූපණයට ආසාව ආවේ පොඩි කාලේද?
ඔව්. පොඩි කාලේ ඉඳන් පොඩි ආසාවක් තිබුණා.
නිරූපණය ගැන මොකද හිතෙන්නේ?
නිරූපණය කියන්නේ කලාවක්. ඒ දේ හරියට තේරුම් අරන් කළොත් හොඳයි.
දැන් ඔයා ඒ කලාව තේරුම් අරගෙනද ඉන්නේ?
සම්පූර්ණයෙන්ම නැහැ. ඉගෙන ගනිමින් ඉන්නවා.
නිරූපිකාවක් වුණාම කොටට අඳින්නම ඕනද?
මම හිතන්නේ නැහැ එහෙම ඕනා කියලා.
එහෙනම් ඇයි අද ගොඩක් නිරූපිකාවක් අඩනිරුවත මාර්කට් කරන්නේ?
ඒ අයගේ අදහස මේ මගේ අදහස
ඉදිරියේදී ලොකු බලාපොරොත්තු එහෙම තියෙනවාද?
දැනට ලොකු බලාපොරොත්තු නැහැ. ඒත් මම යන විදිහට වැඩ ටික කරගෙන යනවා.
දායක වුණු වැඩ මොනවා හරි තියෙනවාද?
දැනට කිසිවක් සඳහා දායක වෙලා නැහැ. ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වන්නේ. දැනට නිර්මාණ කිහිපයක් සඳහා ආරාධනා ලැබුණා.
උදව් කරපු පිරිසක් ඉන්නවාද මතක් කරන්න?
ඔව් මුලින්ම මගේ දෙමව්පියෝ, සහෝදර සහෝදරියන්. චන්දන ධර්මප්‍රිය. කේ.ජී. ඉන්දික, ශෙහාන් කෞෂල්‍ය, විශේෂයෙන්ම ස්තූති කරන්න ඕනේ ළහිරු, චරිත් ඇතුළු ගොඩක් අයට මට මෙතනට එන්න සහයෝගය දැක්වූවා. ඒ හැමෝටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - ඉෂාරාගේ ෆේස්බුක් ගිණුම