නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් අමාත්‍යංශයේ සේවක සේවිකාවන්ගේ දිනක වැටුප වැයකර ගංවතුරෙන් ආපාදවට ලක්වූ ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 45ක ආධාර පරිත්‍යාග කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
කන්ටේනර් රථ 7ක ගෙනා ආධාර ආපදා කළමනාකරණ අමාත්‍යංශයට බාර කැරිණි.
ස්වදේශ ඇමැති වජිර අබේවර්ධන, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.
ගංවතුර හා නායයෑම් හේතුවෙන් අවැතැන්වූ සියලු ජනතාවට පෙරට වඩා හොඳ ජීවන තත්ත්වයක් ඇති කරදීමට රජය පියවර ගන්නා බව නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අද ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි