නිශ්ශංක සේනාධිපතිටත් ඇප


අද (6) පස්වරුවේ අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති  සහ හිටපු මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු   කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ඇප පිට මුදා හරිනු ලැබූහ.

එක් අයකුට මුදලින් රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් ද, රුපියල් කෝටියක ශරීර ඇප හතරක් බැගින් ද නියම කැරිණි.

ලක්ෂ 355ක මුදලක් අයුතු ලාභයකට යොදා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් ඔවුහු  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසට ඉදිරිපත් කරනු ලැබූහ.