නූපේ සැරසිලි ආයතනයක ගින්නක්


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර නූපේ මල් සැරසිලි ආයතනයක අද (24) අලුයම 3.00 ට පමණ ඇති වු ගින්න මේ වන විට පාලනය කර ඇති බව මාතර පොලීසිය පවසයි.

පැය හතරකට වැඩි කාලයක් පැවති එම ගීන්න හේතුවෙන් මාතර ගාලු පාරේ කොටසක් ද තාවකාලිකව වසා දැමීමට සිදු විය.

අදාල ආයතනයේ රථ ගාලේ තිබු ලොරි තුනකා ද ගින්නෙන් මුලුමණීනාම විනාශ විය.

ගින්න නිවීමට මාතර මහ නගර සභා ගිනි නිවීමේ ඒකකයට අමතරව ගාල්ලේ සිට ගිනි නිවීමේ රථ දෙකක් ද ගෙන්වා ගැනීමට සිදු විය.

මෙම ගින්න හේතුවෙන් රුපියල් කෝටි ගණනක අලාභ හානීයක් සිදු වී තිබේ.