(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පුවත්පත් මුද්‍රණ කඩදාසි හා තීන්ත මිල අඩු කළ යුතුව තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ලොව බොහෝ රටවල ජනමාධ්‍ය කර්මාන්තයට බදු සහන දී තිබෙනවා.අප රටත් ඒ සම්ප්‍රදායට අනුගත විය යුතු බව මගේ අදහසයි.
මා ජනමාධ්‍ය ඇමති වී දින කීපයක් ඇතුළත තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවට ගෙනවිත් ඒකමතිකව සම්මත කරගන්න හැකි වුණා. ඒ පනතට අද අත් වී තිබෙන්නේ කණගාටුදායක ඉරණමක්. තොරතුරු දැන ගැනීමේ කොමිසමේ කාර්ය මණ්ඩලය 26ක් සිටිය යුතු වුණත් අද ඉන්නේ දහ දෙනෙක් පමණයි.මේ වන විට තොරතුරු දැන ගැනීමේ කොමිසම අක්‍රීය වීමේ අවදානමක් තිබෙනවා.
මේ පනත නිසා ආණ්ඩුවක් වීදුරු කූඩුවක් ඇතුලට ගියා වගේ දෙයක් වුණා. ඒ කොමිසම ශක්තිමත් කරන්න පියවර ගන්නැයි පැය අන්ත කරුණා කියලා එක මහතා කීය.