( කුෂාන් ජයවර්ධන)
පලාගල, නෙල්ලියගම නිවසක් තුළ තිබී අභිරහස් ලෙස මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් අද (04) උදෑසන සොයා ගත් බව පොලිසිය කියයි.
ගල්කිරියාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ සෝදිසියකදී මෙම මළ සිරුර සොයා ගැනීමට හැකිව තිබේ.
අභීරහස් ලෙස මිය ගිය එම කාන්තාවගේ මළ සිරුර ගල්කිරියාගම පොලිස් වසමට අයත් නෙල්ලියගම ගම්මානයේ නිවසක කාමරයක් තුළ තිබී සොයාගත් බව පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ නෙල්ලියගම පලාගල ලිපිනයේ පදිංචිව සිටි මොහොමඩ් රියාස් ෆාතිමා රිෆ්නා නමැති (25) එක්දරු මවක බවට පොලිසිය මේ වනවිට හඳුනාගෙන ඇත.