පවුල් ආරවුලෙන් දෙදරු මවට දිවි අහිමිවෙයි


(රවින්ද්‍ර  විරාජ් අබයසිරි සහ මහේෂ් කීර්ති රත්න)

පවුල් ආරවුලක් දුර දිගයාමෙන් බිරියට තියුණු ආයුධයකින් පහරදී කපා කොටා ඝාතනය කළ සැමියා ඊයේ  (22) අත්අඩංගුවට ගත් බව රත්තොට පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ මාතලේ  දිස්ත්‍රික් මහා රෝහලේ පිරිසිදු කිරීමේ අංශයේ වැඩ පරීක්ෂකවරියක ලෙස සේවය කරනු ලැබූ  ඉසුරුගම , කයිකාවල , පදිංචි වයස අවුරුදු (36) වන දෙදරු මවක වන නිරෝෂා කුමාරි තලගොල්ල යන අය බවට පොලිසිය හඳුනාගෙන තිබේ.

ඇයගේ සැමියාද මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ සාත්තු සේවකයකු ලෙස සේවය කරනු ලබන අතර  මෙම අඹුසැමි යුවළ අතර  ටික දිනක සිට නිතර නිතර  පවුල්ලේ ආරවුල් පැවත ඇතැයි තොරතුරු අනාවරණය වූ බව කියයි.