හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළහොත් ඊශ්‍රායල හමාස් යුද ගැටුම් අවසන් වීමට පවා ඉඩ ඇති බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.
හමාස් සංවිධානය පවසා ඇත්තේ ඔවුන්ගේ ග්‍රහණයේ ඊශ්‍රායල ජාතිකයන් 200 කට වැඩි පිරිසක් සිටින බවය.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් ඉලක්කවලට පහර දෙන්නේ ද එම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ ද අරමුණින්ය.
(එන්.ඩී.ටීවී.)